Tuesday, October 31, 2017
පුවත්පත් මාධ්‍ය
පුවත්පත් මාධ්‍ය තුළ කාලානුරූපව සිදු වු වෙනස්කම්
අප රට තුළ මුල්කාලයේ දි පුවත්පත් විසින් ඉටු කරනු ලැබු කාර්යයන් ඒ අයුරින් ම හෝ පෙරටත් වඩා වර්ධනය වි ඇත් ද යන්න ගැටලුවකි. සැබවින්ම මේ වන විට පුවත්පත්වල අරමුණ සපුරා වෙනස් ය. මුල්කාලයේ දි පුවත්පත් මාධ්‍ය විසින් ඉටු කරනු ලැබූ කාර්යයන් අතර කිහිපයක් නිදසුන් ලෙස දැක්විය හැක. එනම්, බෞද්ධාගම නගා සිටුවීම, පර සිරිත් ගැත්තවුන් විවේචනය කිරීම,ක්‍රිස්තියානි මිශනාරි ව්‍යාපාරයට විරුද්ධ විම, කුලභේදය පිටු දැකිම, නිදහස් ව්‍යාපාරයට දිරි දීම ආදිය මේ අතරින් කැපී පෙනෙන සිදිධීන් ය.
මේ සඳහා දායක වු පුවත්පත් ලෙස " සිංහල ජාතිය, දකුණු තරුව, සී දේවි, ස්වදේශ මිත්‍රයා, සත්‍යවාදී, සිංහල, සඟරාව මේ අතරින් ප්‍රධාන වේ. මෙම පුවත්පත් හැරුණු විට එකල පළකළ අනෙකුත් විකට පුවත්පත්වල ද ප්‍රධාන අරමුණ හාස්‍ය රසය උත්පාදනය කිරිමට අමතරව ජනතාවට කිසියම් වු සමාජ විවේචනයක් හෝ ආදර්ශයක් සැපයීම ද අරමුණු කරගෙන තිබේ. 1930 ගණන්වල සිට 1950 දශකය තෙක් පළ වු විකට පුවත්පත්වල විශේෂාංග මේ සඳහා නිදර්ශන සපයනු ඇත. නිදසුන් ලෙස " කවට දූතයා, කවට මුත්තා, සුන්දරී" මේ අතරින් ප්‍රධාන වේ. විකල්ප පුවත්පත් මගින් ද මෙරට පුවත්පත් කලාව පෝෂණය කිරීමට දායක වී ඇත. එනම් විකල්ප පුවත්පත් අතර සතිපතා පළකළ " අද, අරමුණ,දිනපති" ආදී තවත් බොහෝ පුවත්පත් විය. සතිපතා පුවත්පත්වලට අමතරව මාසික වශයෙන් ද රාශියකි. ඒ අතරින් කිහිපයක් ලෙස ආරම්භය, භක්තිය, දේශය ආදී පුවත්පත් ය. කැරැල්ලෙන් පසුව ඇති වු මෙම පුවත්පත් සමාජීය දෝංකාරය විකල්ප පුවත්පත්වලින් පළ වුව ද බොහොම කෙටි කාලයකින් මෙම පුවත්පත් අභාවයට ගියේය. අද වනවිට පුවත්පත්වල කාර්යය එදා මෙන් බුද්ධාගම ආරක්ෂා කිරිමට හෝ සමාජ සංශෝධනයන් සිදු කිරීම නොව ඔවුනොවුන්ගේ වාණිජ අරමුණු සාක්ශාත් කර ගැනීමට කරයුතු සිදු කරන බව පෙනේ. එදා පුවත්පත් තුළ ප්‍රධාන කාර්යය අද වනවිට ද්විතීයික කාර්යය බවට පත් වී ඇත. මෙම වෙනව සමාජය පිළිගනී ද නැද්ද යන්න ප්‍රශ්නයකි. පුවත්පත් කර්මාන්තය ප්‍රාග්ධන හිමියෙකුගේ හෝ සමාගමක් හෝ පුවත්පත් මෙහෙය වුවද රුපියල් මිලියන ගණනක් වටිනා දැන්වීම් නඩත්තු කරන කර්මාන්තයක් බවට පරිවර්තනය වී තිබේ. මෙය පුවත්පත් කලා මාධ්‍යයෙන් ඔබ්බට ගිය ප්‍රාග්ධනය විචල්‍යයන් මත රඳා පවතින දෙයක් ව ඇත.
පුවත්පත් මාධ්‍ය තුළ පවතින වත්මන් ස්වභාවය පිලිබඳව විමර්ශනය කිරීමේදි මැනවින් පෙන්නුම් කෙරෙන බොහෝ කරුණු පවති. ඒ අතරින් පුවත්පත් පාඨකයාගේ දැනුම ද පුවත්පත් කලාවේදියාගේ දැනුම ද අතර පවතින මහත් වූ දැනුම් පරතරයයි. සමාජය තුළ ඒ ඒ විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කොපමණ අල්ප දැයි පොදුජන පාඨකයාට පවා ඒත්තු යයි. බොහොමයක් ලිපිවල මුල් ජේද දෙක තුන පාඨකයා නොකියාම ඉවත දමයි. ඇතැම් විට මුලින් ලියූ දේ අග ජේදවල නිෂ්ප්‍රභා වෙයි.
විශේෂාංග තුළ ජේදයකට දෙකකට වඩා පුවත්පත් කලාවේදියා ලියන කරුණු පිලිබඳ තොරතුරු ඇතුළත් නොවේ. එසේම සංකල්ප හෝ දෘෂ්ටිය පිලිබඳව ලියවෙන්නේ කලාතුරකිනි.මේ නිසා විශේෂාංග කියවන පාඨකයාට මෙමගින් උපරිම ප්‍රතිඵල හිමි නොවේ. පුවත්පත් මාධ්‍ය තුළ පථිත නිර්මාණය කිරීමේදී දැකිය හැකි තවත් ලක්ෂණයක් වන්නේ ලොකු අකුරු ශීර්ෂ පාඨ ලෙස යොදා ගැනීමයි. මෙය ප්‍රේක්ෂකයා එකවර ග්‍රහණය කළ ද එහි අවසන් ප්‍රතිඵලය පාඨකයා පුවත්පත් පිලිබඳව කලකිරීමයි.
එනම් හුවා දක්වන දෙය ඒ තරම් නැති බවත් සියයට සියයක් සත්‍ය නොවන බවත්ය. එසේම සමකාලීන ප්‍රවනතාවක් ලෙස දැක්විය හැකි තවත් කරුණක් වන්නේ දැන්වීම්වලට වැඩි ඉඩක් ලබා දීමයි. මෙම පිටුව වෙන් කර ඇත්තේම දැන්වීම් පළ කිරීම සඳහා බව බැලූ බැලීමට පාඨකයාට අවබෝධ කර ගැනීමට හැකි වේ. මේ හේතුවෙන් ලිපි විශේෂාංග කියවීමට පාඨකයා තුළ ඇති රුචිය මෙමගින් නැති වී යයි.
පුවත්පත් කලාව සෘජුවම හා වක්‍රව ද දේශපාලනය හා සම්බන්ධ වූ අවස්ථාවන් බොහොමයක් පවති. එනම් ලංකා ඉතිහාසයේ පුවත්පත් අලෙවිය පහළ යාම හා ඉහළ යාම තිරණය කිරීම ද මෙමගින් සිදු වේ. අප රටේ ඉතිහාසය ලියැවී ඇත්තේ දේශපාලකයින්ගේ හා පුවත්පත් හිමිකරුවන්ගේ අපකීර්තිමත් ඉතිහාසයක් ලෙසිනි. මේ හේතුවෙන් ම නිරන්තරයෙන් පුවත්පත් කියවන පාඨක සංඛ්‍යාව වෙනස් විම ද පුවත්පත් අලෙවියේ ද වෙනස්කම් ඇති වේ.
මීට අමතරව මුදලට හා වැටුපට සේවය කරන මාධ්‍යකරුවන්ගේ හැසිරීම, හැකියාව,ආචාරධර්ම, පුවත්පත් කියවන ප්‍රමාණය වැඩි කිරීමටත් සීමාකිරීමටත් හේතූ සාධක විය.මේ හේතුවෙන් පුවත්පත් ආයතන හිමිකරුවා දේශපාලන අතකොළුවක් බවට පත් වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස දේශපාලනඥයින්ගේ ඕනෑ එපාකම් මත කියන කියන දේ පුවත්පත් තුළ පළ කරයි.ඇතැම් අවස්ථාවල කතුවරුන්ට තම රැකියාව ආරක්ෂා කර ගැනීමේ අටියෙන් සියළු අණ පිළිපැදීමට ද සිදු වේ. තමන්ගේ නිර්මාණ ශක්තිය හා දේශපාලන රූකඩයක් නොවී පුවත්පත් කලාව කරගෙන යාමට වෑයම් කළහොත් තමාට රැකියාව අහිමි වන බව ස්ථීරය. එසේම දඩුවම් ලැබෙන අවස්ථා ද ජීවිතයෙන් පවා වන්දි ගෙවන්නටද සිදු වූ අවස්ථාව මේ සමාජය පිරික්සීමේන් දර්ශනය වේ. කර්තෘවරුන්ගේත් අනෙකුත් පුවත්පත් කලාවේදීන්ගෙත් වෘත්තීයේ ආත්ම ගෞරවය රැකගැනීමට මෙරට ඉතිහාසය තුළ කිසිවක් සිදු ව් ඇත්නම් ඒ අතළොස්සක් වූ ප්‍රමාණයකි. 1973 දි සම්මත වූ පුවත්පත් මණ්ඩල පනත හා පාර්ලිමේන්තු පනත මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් ය.පුද්ගලයෙකු පාර්ලිමේන්තුවට ගෙන්වා දඩුවම් කළ හැකිය. මේ නීති අනුව මෙපමණක්ද නොව දුරකථනවලින් එන තර්ජන, ගෙවල් ගිනි තැබීම්, වෙඩි තැබීම්, පිහිපහරවල්, පැහැර ගැනීම්, අතුරුදහන් කිරිම්, පුවත්පත් කලාවේදීන්ට එල්ල වූ තර්ජනවලින් සමහරකි. පිරිහී ගිය දේශපාලන සංස්කෘතිය පුවත්පත් කලාව වසා පැතිරී ගොස් ඇත.
පුවත්පත් කලාවේ ප්‍රධාන තේමාව විට යුත්තේ මහජනතාවට ඉදිරියෙන් සිට, ඔවුන්ට නිවැරදි සත්‍ය තොරතුරු සපයමින් රටක ගාමක බලවේගයක් වීමයි. දුෂ්ට පාලකයින් නෙරපා හැරීම, රාජ්‍ය දූෂණ හෙළිදරව් කිරීම, සංස්කෘතික ආක්‍රමණවලට එරෙහි විම, විනෝදාංශ සැපයීම, විද්‍ය හා කලා තොරතුරු ද අධ්‍යාපනික වූ ද,වැඩසටහන් නිෂ්පාදනය කිරිම ආදිය හොද පුවත්පතක දැකිය හැකි ලක්ෂණයන් ය. මෙම කරුණු වත්මන් සමාජය තුළ දි පුවත්පත් මගින් දැකිය හැකි ලක්ෂණයන් ය. මෙම කරුණු වත්මන් සමාජය තුළ දි පුවත්පත් මගින් දැකිය හැකිය යන්න ගැටලු සහිතය. මෙරට පුවත්පත් බොහොමයක් පසු ගිය ඉතිහාසය පුරාම කළේ කුමක්ද ? බලයට පත්වන තම වෙළෙඳ හා දේශපාලන ප්‍රතිපත්තිවලට විරුද්ධ නම් පවතින රජය නිර්දය ලෙස විවේචනය කිරීමයි. එසේම පවතින පක්ෂට පක්ෂපාතී නම් පුවත්පත් ආයතනය එම පවතින රජයට පක්ෂපාතීව පුවත් පළ කරයි. ගුණවර්ණනා කරන ලිපි සපයයි. නැති දේ ඇතිකර පෙන්වයි. පුවත්පත් නිදහස ලෙස මේ වනවිට ඔවුන් තේරුම් ගෙන ඇත්තේ එයයි. මැතිවරණ සමයේදි ඔවුහු මැතිවරණ ප්‍රචාරය සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වැය කරති. තම පුවත්පතේ බොහෝ තැන් හිතවත් දේශපාලකයින් සඳහා වෙන් කරයි. මෙලෙස තම ප්‍රාග්ධනය වියදම් කරන කල තමාට අවශ්‍ය රජයක් පවත්වාගෙන යාම හෝ නොයාම සාධාරණ බව ඔවුහු සිතති. ඔහුන් පුවත්පත් නිදහස යනුවෙන් අර්ථ ගන්වන්නේ එයයි.
මෙරට සමාජ සංවර්ධනය සඳහා පුවත්පත් විසින් කරන ලද අනූපමේය සේවාව ද අප මෙහිදි අමතක කළ යුතු නැත.බ්‍රිතාන්‍ය යුගයේ සිට ඉතා මන්දගාමී තත්ත්වයකට ඇඳ වැටි සිටි ශ්‍රී ලාංකික ජාතිය එයින් මුදවා ගැනීම සඳහා ද රට වෙනුවෙන් තම යුතුකම් ඉටු කිරීම සඳහා ද පොදු ජනතාව දශක කිහිපයක් මුළුල්ලේම පොළඔවන ලදි. එසේම මෑතකාලයේ දි ජනවාර්ගික අර්බුදයේ දි ද බොහෝ පුවත්පත් එළිකරන ලද තොරතුරු මෙරට දෙකඩ වීමෙන් වැළැක්වීම සඳහා ප්‍රයෝජනවත් වී ඇත. එසේම බහුජාතියේ ප්‍රශ්න මෙන් ම සුළු ජාතීන් සුරැකීම වෙනුවෙන් ද ඇතැම් අවස්ථාවල පුවත්පත් නොබියව කටයුතු කළ අවස්ථා ද ඉදිරිපත් වී ඇත.එසේම පුවත්පත් මගින් සිදු කළ තවත් සේවාවක් ලෙස මෙරට සාහිත්‍ය නිර්මාණය කිරීම සඳහා ද මහගු සේවාවක් ඉටු කිරීමයි. ඒ සඳහා කවීන්, ලේඛකයින්, විචාරකයින්, ගීත ප්‍රබන්ධකයින් සඳහා තම පුවත්පත්වල වෙනම පිටු වෙන් කරදීමත් දීර්ඝකාලීන වශයෙන් සාහිත්‍ය මණ්ඩප තම පුවත්පත්වල ඇති කිරීමත් නිසා පාඨක ප්‍රබෝධය සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ නගා සිටුවීම සඳහා පුවත්පත් අනූපමේය සේවාවක් කර ඇත.
ජීවිතය
ජීවිතය
ජිවත්වීම යනු කුමක් ද
ජීවිතය,ආදරය, බැඳීම්
හිත් රිඳවීම්,සිත් සතුටු වීම්
මේ හැමදේම එක්
මොහොතකින් නැති වී යන
තාවකාලික සිද්ධින් යැයි
මා හට හැගේ
එනම් අහස කුසින් ඇඳ
වැටෙන වැහි බිදු එකතුව
පොළොව මත ඇති
දුවිලි,කුණු කසල
එක මොහොතකින් සෝදාගෙන
යන්නා සේය.
ස්ථිර යැයි සිතන හැමදේම
අස්ථිර දේවල්ම ය
ජීවිතය යනු රඟපෑමැකී
එය අවසන්වන මොහොත
රඟ දක්වන නළු නිළියන් ද
නොදන්නී ය.
Subscribe to:
Posts (Atom)